Monday, November 23, 2009

හිතේ ඉන්න කෙනාමද මම......



දිග පලල හීන අතරින්
මාව හෙව්වත්
ඔය හිතේ ඉන්න කෙනාමද මම
 කියන එකගැන සැකයි

කලබල නොවි ඉවසන්න
මට තෙරෙන්නෙ නැ ඕවා
කදුලින් නොතැවෙන්න

ජීවිතය තේරුම් ගන්න
කල් ගතවෙද්දි
තේරෙයි නුඹට
මා කී මේ අරුම
ඇත්ත බව සබද

අනේ මන්දා.....


අනෝරා වැසි වැටුනු
අපි දෙදෙනා තනි වුනු
ඒ සොදුරු සැදැසමය
ඒ මොහොතේ දොඩමලු
නොවුයේ මන්ද නුඹ
ඔබෙ හිතේ හීනවල
දිගපලළ
තෙරුනේ නැ මට එදින

ඔබ ගොලු වුයේ මන්ද
නොතේරේ මෙමට
මගෙ නයන අතරමග නුඹ
අතරමන් වුනි ද මන්දා
සිතුවිලි වල හිර වුනිද මන්දා

Saturday, November 21, 2009

මේඝ දුතයාටත් වැරදිලා ..........


කලිදාසගේ මේඝ දුතයා
පණිවුඩයක් එවලා
හිතාගන්න බෑ
මේඝ දුතයාට වරදිලාද කොහෙද
අනුන් ගේ ලියුමක් මට දීලා
මගෙන් උතතර ඉල්ලනවා
හීනෙකින්වත් හිතපු නැති
හීනෙකින්වත් පතපු නැති
දෙයකට
උත්තර දෙන්නෙ
කොහොමද මම

Wednesday, November 18, 2009

පවුරු බැම්මේ ඉදන්


අරුණෝදයේ
පිපුණු අරලිය මලක
පෙතිවල රැදුනු
ඔබේ කදුලු
පවුරු බැම්මේ තබා එන්න
අත්වල් බැදන් අවිදින්නට
හිනැහෙන්නට
ඉතින් ආපසුත්
ඔය දෙනෙතට
කදුලු නොනැගෙවි
අනගතය ඔබ අබියස
හිනහෙනු දැක
නුඹට දැනේවි ජිවිතය
අපුරු හිනයක් බව
ඉතින් නුඹ සැනසෙන්න
හිනයක් බව දැනගෙනම

Sunday, November 15, 2009

ඔබ වෙනවා ද?


රැ අහසේ තනි තරුව මම වෙන්නම් ද
එතකොට ඒ කලු අහස ඔබ වෙනවා ද
කදුලු පුරෝගත් නයන මම වෙන්නම් ද
එතකොට ඒ කදුලු වල හේතුව ඔබ වෙනවා ද?

Thursday, November 5, 2009

ඔබ හා මම……….



ඔබ මුහුද මම වෙරල
කෙදිනකවත් යා නොවන
ඔබ අහස මම පොලව
කෙදිනකවත් හමුනොවන
ඔබ සුලග මම අව්ව
කෙදිනකවත් ගලපන්න හැකි නොවන
නුඹ පද පෙළි මම කවිය
කෙදිනකවත් අරුත් ගලපන්න බැරි
කුරුල්ලෙකි ඔබ එහෙත් මම කුහුබුවෙකු තාම

Wednesday, November 4, 2009

දංචුටී..........


සිලිලාරේ මාත් එක්ක දග කරපු දංචුටී
දම් පාට අහස මෙනි සුදු පාට ඔය මුහුණ
සුලැගිල්ලේ එල්ලි අවිදිච්ච ගුරු පාර
මල් පිපි සුදු පාට අපි ඇවිද එනදාට

මාත් එක්ක තුරුල් වෙලා..............


මාත් එක්ක තුරුල් වෙලා හඩපු හැඩුම් මතකද
හැඩු කදුලු දෝරගලා වැටුනා මතකද
බදාගෙන පෙරලි පෙරලි හැඩුවා මතකද
අපි දෙදෙනා තනිවු ඒ තැන මතකද

ලොවේ කවුරුත් අපිට නති බව දැනුනු විට
අපි දෙදෙනා එක්ව ගත් තිරණ මතකද
කදුලු මැද හිනා වෙවි හිටියා මතකද
මගෙ මිතුරිය ඔබයි ලොව පුරා හැමදාම

Tuesday, November 3, 2009

ඔබ එපා



එපා මට ඔබ එපා

කදුලු ඔබගෙන් එපා

කොන්ද කෙලින් නැති ඔබ මට එපා

මගේ කදුලේ දුක නොදන්න නුඹ එපා

මගේ කදුලේ බර නොදන්න නුඹ එපා

තේරුමක් නැති පදවැල් ඔබගෙන් එපා

Monday, November 2, 2009

එක පාර්ශවික ප්‍රේමයක්


එක පාර්ශවික ප්‍රේමයක් සඵල වේවිද කෙදිනකවත්
ඉතින් අමතක කරනු මැන
අපි දුරයි බොහොවිට
කඩුල්ල පැන දුව ආවත්
මට බෑ ඔබ වෙත පියනගන්න
කදුලු නොදි ඔබ සැනසෙන්න
මට බැ ඔබට හවුල් වෙන්න

නුඹේම වූ මම


රවට්ටන්න , රවට්ටන්න
රවට්ටුවත් රවට්ටන්නේ නුඹේම වූ මගෙ සිත නොවෙද
හිතට එකගව මදක් සිතන්න
රැවටුනේ ඔබ නොවෙද

ප්‍රේමය ද විරහව ද


ප්‍රේමය විරහවක් වෙලා
ඔබ ඔතන මම මෙතන
කෙදිනකවත් ඉවර නොවෙනා ප්‍රේම සටනක
සමාජ බැමි වලට එරෙහිව සටන් බිමකය
උස් මිටි බේද පවතින මේ සමාජය
සමවු තනිතලවක් වන දින
අපි හමුවෙමු ඒ දිනයේ
අත්වැල් බැදන් අවිදින්නට