Sunday, December 5, 2010

අහංකාර මගෙ............


නෙත් අද්දර හමුවනට අපි පෙරුම් පිරුවාද 
හීනෙන් හිතට එන්නට අවසර පතුවාද
තොදොල් වෙන්නෙ ඇයි ඔච්චර හිතුවාද
අහංකාර මගෙ නෙත් මත නවතුනේ මන්ද ?

Saturday, December 4, 2010

මතු දාට



කහ පාට අසතු මල් පිපුනු
ඔය පුංචි ගුරු පාරේ
අවිද යන්න මම එනවා
ඔබත් එක්ක මතු දාට


පුංචි මාව


විපරීත නයන හමුවේ මා අසරණ කරාව්ද
කදුලු අතරේ මා තනිකර තියාවිද
පුංචි මාව ඔබ රිදවා තියාවිද

Tuesday, May 18, 2010

සිටිමි මම.............


විපරිත වු ලෝකය දෙස
බලමි මම
කුසීත නයන දල්වාගෙන
වෙනස වන තුරු ඔබේ චංචල හිත
දෑස් යොමා නෙත් දල්වගෙන
සිටිමි මම 

Monday, March 8, 2010

ආදරේ හරි රහයි.....................


වයින් කෙන්ඩියෙන් උතුරනා ආදරේ හරි රහයි
සුසුම් සිලෝගි මතුවෙනා ජීවිතේ පෙම්බරයි
සුවද වෘන්දයෙන් ඉහිරෙනා ආදරේ කරදරයි
කදුලු තෙතමනේ විසිරෙනා ජීවිතේ හරි බරයි

Thursday, February 25, 2010

මේ සමාජය.............


වෙස්වලාගත් මේ සමාජය තුල
බැටලුහම පොරොගත් වෘර්කයන් ඇත
අදමිටුවන් පිරි මේ සමාජය
නීරසයි මට මේතරම්......
කදුලු නංවන කුහකයින්ගෙන්
කදුලු පුරවා නොගන්නට ඔබ
කදුලු නොව අප ජීවත් කරන්නෙ අප
සිනහව පමණයි ජීවිතේ.....

මගේම වු වසන්තයට
බලුම් හෙලනා කුහකයින්
අදුරුකරලන්නට වෙරදැරියමුත්
කලහැකිය උන් හට කිනම්
ලබාගැන්මට නොහකි වු දේගැන 
ලත වෙන්නාවු වෘර්කයන්...........

Monday, January 11, 2010

හීන තටාකයක්ද මම....



තෙරුමක් නැති පදපෙලක්
ගලපන්නට වෙර දරන කිවිදියක් ද මම....
පෙරලන්න බරි ගලක් පෙරලන්නට
වෙර දරන කුඹීයෙක්ද මම....
සෙනෙහෙ වන්ත නොවන හිතක් ලග
කදුල පතන්නෙක් ද මම....
අහිංසක නයන අභිමුව
හීන තටාකයක්ද මම....