Monday, January 11, 2010

හීන තටාකයක්ද මම....



තෙරුමක් නැති පදපෙලක්
ගලපන්නට වෙර දරන කිවිදියක් ද මම....
පෙරලන්න බරි ගලක් පෙරලන්නට
වෙර දරන කුඹීයෙක්ද මම....
සෙනෙහෙ වන්ත නොවන හිතක් ලග
කදුල පතන්නෙක් ද මම....
අහිංසක නයන අභිමුව
හීන තටාකයක්ද මම....

5 comments:

  1. අරුත් නෑති පද පෙලක්
    අරුත් ගන්වන්න නොහැකිද...
    පෙරලන්න බෑරි ගලක්
    කුහුඹු රෑනකට පෙරලිය නොහැකිද....
    සෙනෙහෙවන්ත නොවන හිතක්
    සෙනෙහෙවන්ත කල නොහැකිද...
    අහිංසක නයන අභිමුව
    සැබෑවක් වෙන්න නොහැකිද ?

    ReplyDelete
  2. Hip-pop (ඉඟ-පනින සංගීතය)
    Rock (ගල් සංගීතය)
    pop (පනින සංගීතය)
    Classical (සම්භාව්ය සංගීතය)
    Classical Rock (සම්භාව්ය ගල් සංගීතය)වත් නැද්ද මේකට පිලියමක්?

    ReplyDelete
  3. මෙයට පිලිතුරු මමද තවම පබදින්නෙමි..

    ReplyDelete
  4. ගලපන්න ඔබේ පද පෙල
    ඔබේම හිතැගියාවට....
    හැබෑ කරාවි සිහින ඔබේම නෙත් අභිමුව...
    ඔබේම ආදරය....

    ReplyDelete